කෝටි 300ක වෛද්‍ය උපකරණ වතුරේ!

  • By editor
  • April 6, 2023
  • 0
  • 219 Views

එංගලන්තයේ ‘සිල්වියා ලංකා පදනම’ මගින් මෙරටට පරිත්‍යාග කරන ලද කෝටි 300කට අධික නවීන පන්නයේ වෛද්‍ය උපකරණ තොගයක් රජයේ නොසැලකිල්ල මත අහිමිවී යාමේ අවධානමක් මතුව ඇත.

මෙම පදනම එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු එරට සමාජ සේවා කටයුතු කරන පිරිසක් එක්ව පිහිටුවාගෙන ඇති පදනම කි.

මෙම පදනම ලබාදෙන නවීණ පන්නයේ වෛද්‍ය උපකරණ ඇතුළු උපකරණ තොගයට දැඩි සත්කාරක ඇඳන් 2500 ක් රෝහල් ඇඳන් 3500ක් සේලයින් ස්ටෑන්ඩ් 12000 ක්, ඖෂධ ගබඩාකර තබන ශීතකරණ 400ක් ඇතුළු භාණ්ඩ තොගයක් අයත් වේ.

මෙම වටිනා වෛද්‍ය උපකරණ සහ භාණ්ඩ තොගය මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි සති තුනක පමණ කාලයක සිට රජයේ වගකිවයුත්තන්ට දැනුම් දී ඇතත් ඊට යහපත් ප්‍රතිචාරයක් නැති අතර තවත් සති දෙකක් ඇතුළත එම භාණ්ඩ ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නොකළහොත් එම විශාල පරිත්‍යාගය රටට අහිමිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *