කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර ද ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියට සම්බන්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද හෙළිදරව් කළේය
ඔහු පෙර දින සදහන් කළ ලිංගික අල්ලස් ඉල්ලූ කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් සම්බන්ධ බවට ප්‍රකාශය සම්බන්ධයෙන් අද (18) පාර්ලිමේන්තුවේ දී සංවාදයක් ඇති විය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සදහන් කළේ
”ඊයේ සාකච්ඡාවේ දී හේෂා විතානගේ මන්ත්‍රීවරයා ගේ කටින් කියවුණා ලිංගික අල්ලස් ගත්තු කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් කියලා. හිටපු සභාපතිවරු ගොඩක් ඉන්නවා. මම විශ්වාස කරනවා මේ ප්‍රකාශය හා සම්බන්ධ සභාපතිවරයාව ඇත්තටම හොයන්න ඕනේ නැත්නම් පාර්ලිමේන්තුවටත් ඒ සභාවටත් විශාල අගෞරවයක් වෙනවා”
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාලර්මේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා,
“මම සදාචාරත්මක ව මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටිකත් එක්ක ඕකත් අර ඇඟිල්ල කටේ තිබ්බ මහත්තයා ගේ ඇඟට දාන්න බැරි හින්දා පාර්ලිමේන්තුවේ අවදානයට යොමුකරන්න මේක කිව්වේ. මේකට වර්තමාන සභාපතිවරයා සම්බන්ධයි”