කෝප් සභාපතිට විපක්ෂයෙන් විශ්වාසභංගයක්

  • By editor
  • November 18, 2023
  • 0
  • 97 Views

කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ලබන සදුදා දින කතානායකවරයාට බාර දීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අතර ඇතැයි පැවසෙන සබඳතා හේතුවෙන් ඔහු එම කමිටුවේ මුල් පුටුවේ තබා ගෙන ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කතාබස් කිරීම ඵලදායි කරුණක් නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කර ඇත.

එම හේතුවෙන් රංජිත් බණ්ඩාර මහතාගේ මූලිකත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා විමර්ශනය කිරීමට එකග නොවන බව ද ඔවුන් පෙන්වා දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *