ඛණිජ තෙල් ලොක්කන්ට සයිනොපෙක් මුල්පුටු – සභාපතිත් ඉවතට

  • By editor
  • October 2, 2023
  • 0
  • 253 Views

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් එම තනතුරින් ඉවත් කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරි සතිය තුළදී සභාපතිවරයා එම තනතුරින් ඉවත් කිරීමට නියමිතව තිබේ.

ඊට හේතුවී ඇත්තේ ඇමතිවරයා සහ සභාපතිවරයා ඇතර පවතින මත ගැටුමක් සහ සභාපතිවරයාගේ දූෂණ වංචා පිළිබද තොරතුරු අනාවරණය වීමයි.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කළ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු ඉහළ නිළධාරීන් රැසක් සයිනොපැක් ඉන්ධන සමාගමේ රැකියාවලදට බදවාගෙන ඇත

ඒ බව තහවුරු වූයේ සයිනොපැක් ලංකාවට හදුන්වාදීම සදහා කොළඹ පැවති උත්සවයකට පැමිණි ආරාධිතයින් අතර බහුතරයක් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවයකළ සේවකයින් වීමය.

මේ අතර ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයෙක් ලෙස සේවය කළ සුසන්ත ද සිල්වා සයිනොපැක් සමගාමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස එම ස්ථානයට පැමිණීමද විශේෂත්වයක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *