ගණේමුල්ල සංජීවගේ නිවසට වෙඩි ප්‍රහාරයක් – ඡායාරූප සහිතයි

  • By editor
  • August 26, 2023
  • 0
  • 244 Views

පාතාල සාමාජිකයෙක් වන ගණේමුල්ල සංජීවගේ ගණේමුල්ල මාකිලංගමුවේ නිවසට නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙක් අද (25) වෙඩි තබා ඇත.

අලුයම 04ට පමණ මෙම සිද්ධිය සිදු වී ඇති අතර වෙඩික්කරුවන් ටී -56 ගිනි අවියකින් සහ පිස්තෝලයකින් වෙඩි තබා පළා ගොස් තිබේ.

එම අවස්ථාවේදී ගණේමුල්ල සංජීවගේ බිරිඳ, දියණිය, ඔහුගේ සහෝදරියක් සහ මව්පියන් නිවසේ සිට ඇති නමුත් කිසිවෙකුටත් හානි සිදුවී නැත.


වෙඩි තැබීම පිළිබඳ ගණේමුල්ල සංජීවගේ බිරිඳ අද උදෑසන 11ට පමණ නීතීඥවරයෙකු ද සමඟ පැමිණ පැමිණිලි කළ බව ගනේමුල්ල පොලීසිය පවසයි.

මීට දින කිහිපයකට ඉහත දී ඉන්දියාවේ ආරක්ෂක අංශ විසින් ගණේමුල්ල සංජීව නැමැත්තා සහ ඔහුගේ ගෝලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනුණු බව මෙරට බුද්ධිඅංශවලට වාර්තා වුව ද එය මෙතෙක් නිල වශයෙන් මෙරටට දැනුම් දී නැති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *