‘ගණේමුල්ල සංජීව’ ඝාතන සදහා යොදාගත් ගිනි අවියක් සොයාගැනේ

  • By editor
  • September 17, 2023
  • 0
  • 227 Views

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල නායකයෙකු වන සංජීව කුමාර නොහොත් ‘ගනේමුල්ලේ සංජීව’ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසු ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක ඝාතනවලට යොදාගත් ගිනිඅවිය බවට සැකකරන ටී-56 වර්ගයේ ගිනිඅවියක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ අධීක්ෂණය යටතේ ගණේමුල්ලේ සංජීව පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර, ගනේමුල්ල සංජීව සිදු කළ අපරාධ රැසක් ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත ව වාර්තා වන බැවින් ඔහු මේ වනවිට වීරඟුල පොලිසියේ රඳවා සිටින බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ගනේමුල්ලේ සංජීව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා අවසර ලබාදුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *