ගනේමුල්ල සංජීවගේ ගෝලයකුගේ නිවසක බංකරයක ලක්ෂ 22 කට අධික මුදලක් පොලිස් භාරයට

  • By editor
  • January 19, 2024
  • 0
  • 82 Views

දැනට රැදවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රදවා සිටින ප්‍රභල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීව යන අයගේ ප්‍රධාන ගෝලයෙකු වන දැනට විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පැට්ටා මංජු නැමති අයගේ සමීපතමයෙකුගේ නිවසක් නාකොටික් නිළධාරින් කණ්ඩායමක් විසින් පරික්ෂා කිරීමේදී ඉතා ක්ෂුක්ෂම ලෙස නිවසේ බංකරයක සගවා තිබු ලක්ෂ 22 කට අධික මුදලක් සොයාගෙන ඇත.‍

පරික්ෂා කරන ලද නිවසේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සිට ඇති අතර, නිවසේ සිටි කාන්තාවගේ ජංගම දුරකථන පරික්ෂා කරන අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා මුදල් මොවුන් හරහා සංසරණය වන බවට අනාවරණය වීමෙන් පසුව මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාව කෙහෙල්බැද්දර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 පමණ වයසැති කාන්තාවකි.

මත්ද්‍රව්‍ය ජාලය අනාවරණය කර ගැනීම සදහා මෙම සැකකාර කාන්තාව රැදවුම් නියෝග මත රදවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *