ගල්කිස්සේ කම්හළක් මදුරු කොයිල්වලට යොදනා රසායනික ද්‍රව්‍ය ජල පහරකට දාලා.

  • By editor
  • October 10, 2023
  • 0
  • 87 Views

ගල්කිස්ස ප්‍රදේශයේ පවත්වාගෙන යන ගොඩ්රිච් ලංකා ආයතනය විසින් රසායනික අපද්‍රව්‍ය ස්වභාවික ජල මාර්ගයකට මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව නඩු පවරා ඇත.

ගොඩ්රිච් ලංකා ආයතනය හිසකෙස් වාඑණක (ඩයි), ෂැම්පු වර්ග සහ සපත්තු පොලිෂ් නිෂ්පාදනය කරයි.

ඉතා සූක්ෂම ලෙස මෙම කර්මාන්තශාලාව විසින් සිය අප ජලය පරිසරයට බැහැර කර තිබූ බව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. මෙම අප ජලය හේතුවෙන් ජලජ ජීවීන් මිය ගොස් ඇති බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.

මෙම වර්ණක මදුරු කොයිල් වර්ණ ගැන්වීම සදහා භාවිතා කරන රොඩෝමින් වර්ණකය බව සමාගම විසින් තහවුරු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *