ගස්ලබු ගෙඩි 3ක් සොරා ගත් පුද්ගලයාට රුපියල් 50000ක ඇපයක්

  • By editor
  • October 31, 2023
  • 0
  • 195 Views

අනවසරයෙන් ගස්ලබු ගෙඩි තුනක්  කඩා ගත් පුද්ගලයෙකුට 50,000ක ඇපයක් හා ශරීර ඇපයක් මත මුදා හැරීමට දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම වී තිබේ.

එළැඹෙන නොවැම්බර 27 දා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා  වැඩිදුරටත් නියෝග කර ඇත.

දින ගණනක් තිස්සේ තම දරුවන්ට නිසි ලෙස ආහාරයක් ලබාදීමට බැරිවූ නිසා තමන් මෙසේ කල බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා මගින් අධිකරණය හමුවේ සඳහන් කළේය.

හක්මන පොලිසිය විසින් සැකකරු අත්අඩංගුට ගෙන අධිකරණය ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *