ග්‍ර්‍රේට් වෙස්ටර්න් කදුමුදුනේ තිබූ අභිරහස් කාන්තා මළ සිරුරේ අනන්‍යතාවය හෙළිවේ – සියලු විස්තරේ මෙන්න

  • By editor
  • August 23, 2023
  • 0
  • 117 Views

පසුගිය දිනවල කාගේත් අවධානයට හා කුතුහලයට තුඩුදුන් තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ තිබි ඉකුත් (01) දින සොයාගත් අභිරහස් ලෙස මිය ගිය කාන්තා මල සිරුර (22) දින ඇයගේ නිතියානුකුල සැමියා සහ ඥාතින් විසින් හදුනා ගෙන ඇත.

මියගිය කාන්තාවගේ සිරුර හදුනාගැනිම සදහා ලිදුල පොලිසිය මගින් එම කාන්තාවගේ ඇගිලි සලකුණු රැගෙන ඇගිලි සලකුණු පොලිස් දෙපාර්තුමේන්තුවේ ඇගිලි සලකුණු රෙජිස්ටාර් කාර්යාලය වෙත යොමු කිරිමෙන් අනතුරුව මියගිය කාන්තාවගේ ඇගිලි සලකුණු එම රෙජිස්ටාර් කාර්යාලයේ සටහන් වි තිබු බවත්, ඒ අනුව මියගිය කාන්තාවගේ ඥාතින් හදුනාගැනිමට හැකි වී ඇත.

එලෙස මියගොස් සිටියේ තංගල්ල කිරින්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ජුනයිඩ් ක්‍රිෂාණි නැමති (36) හැවිරිදි මුස්ලිම් ජාතික කාන්තාවකි. එම කාන්තාව නිතියානුකුල සැමියාගෙන් වෙන් වි වෙනත් පුද්ගලයන් සමග සමිප සම්බන්ධකම් පවත්වා ඇති බවත්, මියගිය කාන්තාවගේ නිතියානුකුල විවාහයෙන් ඇයට දරුවන් තිදෙනෙකු සිට ඇත.

මියගිය කාන්තාව ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණට පැමිණි පිරිස අත්අඩංගුවට ගැනිම සදහා ලිදුල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් විමර්ෂණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *