දකුණු ග්‍රීසියේ මුහුදු ප්‍රදේශයේ දී සංක්‍රමණකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 79දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
එමෙන්න තවත් සංක්‍රමණිකයින් 100කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව ද විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.
අනතුරට පත්වන අවස්ථාවේ යාත්‍රාව තුළ පුද්ගලයින් 750කට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර ඉන් 100කට අධික පිරිසක් ග්‍රීක ආරක්ෂක අංශ විසින් මුදවාගෙන ඇත.
මෙය ග්‍රීසියේ සිදුවු විශාලතම සංක්‍රමණික යාත්‍රා අනතුර වන අතර මේ වන විට එරට තුළ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.