ගාල්ල බන්ධනාගාරයේ මාරාන්තික වෛරසය සමාජයට ව්‍යාප්ත වෙලාද?

  • By editor
  • August 27, 2023
  • 0
  • 203 Views

පසුගිය දිනවල වාර්තා වූ ගාල්ල බන්ධනාගාරයේ මාරාන්තික මෙනින්ගොකොකල් (meningococcal) රෝගයෙන් බිළිදියක මියගොස් ඇති බවට වාර්තා වේ.

ඒ හේතුවෙන් මෙම රෝගය බාහිර සමාජයට ව්‍යාප්ත වී ඇත්දැයි සැක මතුව තිබේ.

ගාල්ල, තලාපිටිය ප්‍රදේශයේ පදිංචි මාස 08ක් වයසැති මෙම බිළිඳිය පසුගියද 25 වනදා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

පසුව එම මරණය සම්බන්ධයෙන් ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් හදිසි මරණ පරීක්ෂණය පැවත්වා තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ එම මරණය බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන මෙනින්ගොකොකල් රෝගය හේතුවෙන් සිදු වූ බවට සැකයක් පවතින බවය.

කෙසෙවෙතත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *