එක්සත් ජාතීන්ගේ සංවිධානය මහා මණ්ඩලයට ගාසා තීරය ඇතුළු මැද පෙරදිග කලාපයේ සටන් විරාමයක් සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සම්මත වී තිබේ.
ඒ අනුව මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 120 ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 14ක් ලැබී තිබේ.
මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අතරතුර දී මෙම යෝජනාව ඉදිරිපත් වී තිබූ අතර එහිදී රටවල් 45ක් ඡන්දය භාවිතා කිරීමෙන් වැලකී ඇත.
ශ‍්‍රී ලංකාව ද යෝජනාවට පක්ෂව ඡන්දය ලබා තිබූ අතර ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දී තිබේ.