පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිදුකල සිසේරියන් සැත්කමකින් අනතුරුව කාන්තාවක් මියගොස් ඇත.
ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ඇය දරු ප්‍රසූතිය සදහා මීට දින කිහිපයකට පෙර රෝහල් ගත වී ඇති අතර ශල්‍ය කර්මයෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා තිබේ.
කෙසේ වෙතත් ඇතැම් වාර්තා සදහන් කරන්නේ ඇයට ලබා දුන් නිර්වින්දන ඖෂධ ප්‍රමිතියෙන් බාල වීම මෙම සිදුවීමට හේතු වී ඇති බවට සැකයක් පවතින බවයි.