ගිනිගත් නැවෙනුත් හොරා කාලා

  • By editor
  • April 13, 2023
  • 0
  • 84 Views

2021 ජූනී මාසයේදී ලංකා මුහුදු සීමාව දී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව අයත් සමාගම විසින් මෙරටට ගෙවිය යුතු වන්දිය පිළිබඳ සාකච්ඡා කරමින් සිටින අතරතුර කිසියම් පාර්ශවයක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගෙන ඇති බව තමන්ට තොරතුරු දැන ගන්නට ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කරයි.

එම මුදල් බ්‍රිතාන්‍යයේ ඇති බැංකු ගිණුමකට බැර වී ඇති බවද ඇමතිවරයා සඳහන් කරන්නේ අයිලන්ඩ් පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

මේ පිලිබද පරීක්ෂනයක් පවත්වන ලෙසට අධිකරණ අමාත්‍යවරයා පොලිස්පති සී ඩී වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *