ගුවන්තොටුපළ සේවකයින් 28ක් අනිවාර්ය නිවාඩු යවයි

  • By editor
  • January 3, 2024
  • 0
  • 100 Views

ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීමේ චෝදනා මත සේවකයින් 28 දෙනෙකු අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ “ස්වාධීන ඒකාබද්ධ සේවක එකමුතුව”වෘත්තීය සමිතියේ කාරකසභික සේවකයින්  විසිඅට(28) දෙනකු මෙලෙස අනිවාර්ය නිවාඩු යැවීමට ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා කටයුතු කර තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවට ගුවන් සමාගම් වෙත ලිපි මගින් දැනුම් දී මෙරට ගුවන් සන්තරන කටයුතු අඩාල කිරීමට උත්සාහ දැරීම මෙම තීරණයට ප්‍රධාන හේතුව බව සභාපතිවරයා විසින් නිකුත් කරන ලද ලිපියේ සටහන් කර තිබේ

නමුත් ගුවන්තොටුපළ පාලනාධිකාරිය මෙම තීරණයට එළඹීමට ප්‍රධාන හේතුව වන්නේ ප්‍රධාන දේශපාලන බල අධිකාරිවලින් මෙහෙයවනු ලබන අනෙකුත් වෘත්තීය සමිතිවල උසිගැන්වීම් බව අනිවාර්ය නිවාඩු යැවූ සේවකයින් චෝදනා කරයි.

අදාළ නිවේදනය පහතින් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *