ගුවන්විදුලි සංස්ථාව සතුව ප්‍රාදේශීය නාලිකා බාහිර පාර්ශව සඳහා විකිණීමේ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇතැයි සේවකයින් චෝදනා කරයි.
රුහුණු සේවය, රජරට සේවය, කදුරට සේවය, කොත්මලේ ජපාන සේවය, වෛද්‍ය සේවය, ඇතුළු ගුවන් විදුලි සංස්ථාව සතු ප්‍රාදේශීය නාලිකා 7ක් මෙලෙස විකිණීම සඳහා පිඹුරුපත් සකසමින් පවතී.
ප්‍රාදේශීය වශයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා නිර්මාණය කෙරුණු ප්‍රාදේශීය ප්‍රජා ගුවන් සේවාවන් මෙලෙස වෙනත් පාර්ශ්වයන් වෙත ලබා දීම කිසිසේත් අනුමත නොකරන බව පෙන්වා දෙන ගුවන් විදුලි සේවකයින් පාලනාධිකාරිය විසින් ගෙන ඇති මෙම අත්තනෝමතික ක්‍රියාව දැඩිව හෙළා දකියි.
කදුරට සේවයේ සේවකයින් තිහකට වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ පිහිටි ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයට වාර්තා කරන ලෙස සංස්ථාවේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව මේ වන විටත් ලිපි යොමු කර ඇත. මේ සියල්ලේ අවසානය ගුවන් විදුලි සේවය සම්පූර්ණයෙන්ම පුද්ගලීකරණය කිරීම වියහැකි බව පෙන්වා දෙන ඔවූහූ සදහන් කරන්නේ පාඩු ලබමින් ක්‍රියාත්මක වන ආයතන විකිණීම වෙනුවට එම ආයතන ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමේ වැඩසටහන් වත්මන් අසාර්ථක පාලනාධිකාරිය සතුව නොමැති බවයි.
නිසි තොරතුරු අනාවරණය කිරීමකින් තොරව සිදුකෙරෙන මෙවැනි කටයුතු හේතුවෙන් සේවකයින් අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇති හෙයින් පාලනාධිකාරිය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් බලාපොරොත්තු වන බවද ඔවූහූ වැඩිදුරටත් සදහන් කරති.
ගුවන්විදුලියේ ප්‍රාදේශීය සේවා විකිණීමේ සැලසුමක්…
-
By editor
- May 1, 2023
- 0
- 49 Views
You Might Also Like
-
December 6, 2023
ටිරාන් අලස්ගේ පුතාගෙන් අල්ලස් ඉල්ලූ නිලධාරීන් ගැන පරීක්ෂණයක්
-
December 6, 2023
විදේශගත ශ්‍රමිකයන්ට ණය ක්‍රමයක්
-
December 5, 2023
හරීන් ප්‍රනාන්දුගේ නව පත්වීම් මෙන්න