ගුවන් සේවා නිලධාරිනිය ඝාතනය කළ සැකකරු අල්ලයි

  • By editor
  • January 10, 2024
  • 0
  • 95 Views

කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

එම සිද්ධියට අදාළ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ දී අද අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය සදහන් කරයි.

මෙලෙස ඝාතනයට ලක් වූයේ දුලාංජලී අනුරුද්ධිකා නැමැති පිළියන්දල මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මවකි.

ඝාතනයෙන් අනතුරුව ඔහු විදේශ රටකට පලායෑමට සඳහා සූදානම්ව ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී එලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ සහ ඒ සඳහා පැමිණි මෝටර් රථය සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *