ගෝඨාභයට – දේශබන්දුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නෑ – අල්ලස් කොමිසම අධිකරණයට දන්වයි

  • By editor
  • October 19, 2023
  • 0
  • 184 Views

අරගල කරමින් ඉවත් කරන ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සන්තකයේ ලබා තිබූ රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදලට අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ගෝඨාභය රාජපක්ෂට හෝ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නොමැති බව අල්ලස් කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ අනුව තව දුරටත් නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන නොයන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයේදී වැඩිදුරටත් වාර්තා කළේය.

අරගල සමයේ දී ජනාධිපති මන්දිරයට සිවිල් පුරවැසියන් ඇතුල් වූ අවස්ථාවේදී කාමරයක තිබී හමුවූ එම මුදල කොටුව පොලිසියට බාර දී තිබුණි.

පසුව එවකට කොළඹ දකුණ ප්‍රදේශය බාරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගයක් මත ඒ සදහා අධිකරණ ක්‍රියාමාර්ග නොගන්නා ලෙස බලපෑම් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *