ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයෙන් ඉවත්වීමත් සමග ඇතිවූ ආණ්ඩු පෙරලියත් සමග දිගු කාලයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි ආන්දෝලනාත්මක චරිතයක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය යලිත් කරළියට පැමිණි තිබේ.
පසුගිය සෙනසුරාදා දිනයේදී ඔහු මෙසේ ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත්තේ කුරුණෑගල මලියදේව විදුහලේ වාර්ශික ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පවත්වන ලද ආදි සිසුන්ගේ සුහද හමුවට සහභාගී වීමටය.
මලියදේව විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යෙයක් වන අගවිනිසුරු ජයන්ත ජයසූරිය මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටි අතර හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්නද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
වෛද්‍ය පාදෙනිය කාලයකට පසුව ප්‍රසිද්ධියේ පෙනී සිටීම නිසා බොහෝ දෙනෙක් ඔහු සමග සෙල්ෆි ඡායාරූප ගැනීමටද එක්ව සිටියහ.