ඝාතනය වූ ඇමතිගේ මාමණ්ඩියට පාතාල සබදතා

  • By editor
  • September 25, 2023
  • 0
  • 115 Views

අමාත්‍ය ඩී.වී චානකගේ මාමණ්ඩිය පසුගිය දා ඝාතනයට ලක් වූයේ පාතාල ක්‍රියාකාරකම් හා සම්බන්ධ ගැටුමක ප්‍රතිඵලයක් බවට තොරතුරු වාර්තා වේ.එමෙන්ම ඔහු රත්ගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කරුවකු බව කියන රත්ගම විදුර නමැත්තා සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු ලැබී තිබේ.

වෙඩික්කරුවන් මුලින්ම මෝටර් රථයට පිටුපසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එම වෙඩි පහරක් ව්‍යාපාරිකයාට වැදීමත් සමග ඔහු රථය නවතා ඇත.

අනතුරුව රියැදුරු අසුන ඉලක්ක කරගෙන වෙඩි වරුසාවක් එල්ල කර පසුව මුළු රථය වටේටම වෙඩි ප්‍රහාර එල්ල කර ඇත. වෙඩි ප්‍රහාර වලින් ඔහුගේ හිසේ කොටස් රථය පුරාම විසිරී තිබූ බවද පොලිසිය කියයි.මෙම

කෙසෙවෙතත් රත්ගම විදුරගේ ප්‍රතිවිරුද්ධ කල්ලිය මෙම ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පළකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *