හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ 78වන ජන්ම දිනය වෙනුවෙන් දිවයින පුරා විවිධ සැමරුම් සංවිධානය කර තිබේ.
ඒ අනුව පක්ෂ විපක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් කැලණිය රජමහා විහාරයේ ආශීර්වාද බෝධිපුජාමය පිංකමක් ද සංවිධානය කර තිබේ.
එමෙන්ම සුචරිතෝදය ළමා නිවාසයේ දරු දැරියන්ට දිවා අහාරය පිළිගැන්වීම ද සිදුකිරීමට නියමිතය.
එසේම රටපුරා විවිධ ආගමික සිද්ධස්ථාන වල විශේෂ ආගමික පුජාවන් ද සමාජ සත්කාර ක්‍රියාවන් ද සංවිධානය කර තිබේ.