චන්ද්‍රිකාගේ නායකත්වයෙන් ශ්‍රී ලනිපය අළුත් සන්ධානයක් හදයි.

  • By editor
  • January 27, 2024
  • 0
  • 87 Views

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධනත්වයෙන් නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු වලට මේ දිනවල සිදුවෙමින් පවති. එම සන්ධානයට අදාලව දේශපාලනඥයන් සහ පක්ෂ සමග දැනටමත් සාකච්චා පවත්වමින් තිබෙනා අතර මෙතුවක් පැවති සාකච්චාවලදී ඵලදායී එකඟතාවයනට පැමිණීමට හැකිවූ බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පිහිටවීමට නියමිත නව සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායකට ලබා දීමට තීරණය කර ඇති අතර ඇයද ඊට සිය එකඟතවය පළ කර තිබේ. කෙසේ වෙතත් මෙම සන්ධානයේ නායකත්වයට තනි තීරණයක් ගැනීමේ බලයක් නොමැති අතර ඒ සඳහා නායකත්ව මණ්ඩළයක් පත්කිරීමට නියමිතය. 

සන්ධානයේ සියයට 50ක බහුතර බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උසුලන අතර අනෙක් පක්ෂවලට සියයට 50ක බලයක් ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව සන්ධානගත වන පක්ෂ අනුව නායකත්ව මණ්ඩලය පත් කිරීමට නියමිතය.

මෙම සන්ධානයේ ලකුණ ලෙස බුලත් කොලය හෝ පුටුව තෝරා ගැනීමට නියමිත අතර එය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කිරීමට නියමිත බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. නිමල් ලංසා හිටපු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නව සන්ධානයද සිය පළමු රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත වීමට සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වෙයි . මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ පැරණි මතවාදය සමග සිටින කණ්ඩායම් ගණනාවක්ද ශ්‍රීලනිප නව සන්ධානය සමඟ එක්වීමට කැමැත්ත පළ කර තිබෙන අතර සාකච්ඡා අවසන් වූ සැණින් නව සන්ධානයේ ප්‍රධාන රැස්වීමක් කොළඹදී පැවැත්වීමටද යෝජනා වී තිබේ. 

මෙ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරය පිළිබඳව තිලංග සුමතිපාල සහ අමාත්‍ය මහින්ද අමරවීර අතර තවමත් නිශ්චිත එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති අතර ඒ පිළිබඳ වහාම තීරණය කර දන්වන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ කමිටු, ඡන්ද ක්‍රියාකාරී කමිටු,  ඡන්ද පොල නියෝජිතයින් පත් කිරීම ලබන මාර්තු 01 වැනිදාට පෙර අවසන් කරන ලෙසත්, ආසන බල මණ්ඩල, තරුණ, කාන්තා ඇතුළු අනුබද්ධ සංවිධාන ලබන ජනවාරි 31කට පෙර පිහිටුවා අවසන් කරන ලෙසත් ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සියලු ආසන සංවිධායකවරුන්ට  උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *