චන්න ජයසුමනගෙන් පුවත් වෙබ් අඩවියක් සමාව ඉල්ලයි – හේතුව මෙන්න

  • By editor
  • September 25, 2023
  • 0
  • 132 Views

2021 වසරේ දී සිය බිරිඳට රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථයක් මිලට ගෙන දී ඇති බවට එක්තරා වෙබ් අඩවියක් අසත්‍ය පුවතක් පළකර තිබූ බවත් එමගින් තමන්ට අපකීර්තියක් සිදු වූ බවත් පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන විසින් රුපියල් බිලියනයක වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලමින් නුගේගොඩ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබුණි.

එම නඩුව අද කැඳවුණු අවස්ථාවේ අදාළ වෙබ් අඩවිය විවෘත අධිකරණයේ දී පැමිණිලිකරැගෙන් සමාව ඉල්ලා සිටීමෙන් අනතුරුව නඩුව අවසන් විය

එකී පුවතට පාදක කර ගත්තේ මාධ්‍ය සාකච්ඡාවල දී කියවුනු තොරතුරු සහ නිරන්තරයෙන් ප්‍රවෘත්ති සපයන මූලාශ්‍ර වෙතින් ලැබුණු තොරතුරු කිහිපයක් වුවත් පසුව වැඩිදුර සොයා බැලීමේදී එම තොරතුරුවල සත්‍යතාවක් නොමැති බව තහවුරු වූ බව විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

එම පුවත පළ කරන ලද්දේ හුදෙක් ප්‍රවෘත්තියක් වශයෙන් මිස මහාචාර්ය චන්න ජයසුමන හෝ බිරිඳට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් ඇතිව නොවන බව ද ප්‍රකාශ විය.

අදාල ප්‍රවෘත්තියෙන් පසු එහි කියැවුණු මෝටර් රථ අලෙවි සමාගම පැවසුවේ තමන්ට තලවතුගොඩ ප්‍රදේශයේ කිසිදු වාහන අලෙවිසලක් නොමැති බවත් තම ආයතනයෙන් චන්න ජයසුමන මහතා හෝ ඔහුගේ බිරිඳ කිසිදිනක මෝටර් රථයක් මිලදී ගෙන හෝ පැමිණවත් නොමැති බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *