කන්කසන්තුරේ පිහිටි රජයට අයත් සිමෙන්ති කර්මාන්ත ශාලාවේ රුපියල් බිලියන ගණනක සොරකමක් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ අනුදැනුම මත සිදු වී ඇති බවට ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති ගාමිණී ඒකනායක රහස් පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
එමෙන්ම අදාළ කර්මාන්ත ශාලාවේ බිලියන ගණනක යකඩ සොරකම් පසුපස ඉන්නේ අමාත්‍ය චාමර සම්පත් දසනායක බව ද හෙතෙම සදහන් කරයි.
එක්තරා අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ පිලිබද හෙළිකර තිබේ.
එම කර්මාන්ත ශාලාවේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබලුන් ඉවත් කර ආරක්ෂක සමාගමක් යැයි පවසමින් බදුල්ලේ කිහිප දෙනකු එම කර්මාන්ත ශාලාවට ගෙන ගොස් සිටින බව පෙන්වා දුන් ඔහු සදහන් කරන්නේ එම කණ්ඩායම සමග මෙම සොරකම් සියල්ල සිදුකරන බවය.