චාමර සම්පත් ට චැනල් මාරු වී චැනල් අයි එක පතුරු ගහයි

  • By editor
  • September 7, 2023
  • 0
  • 376 Views

මේ දිනවල දැඩි කතාබහට ලක්වන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කර ඇති නවතම වීඩියෝ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේ දී උණුසුම් වාද විවාද ඇතිවිය.

එහිදී රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක අවස්ථා කිහිපයකදීම චැනල් ෆෝ නාලිකාවේ නම මාරු වී චැනල් අයි නාලිකාව ලෙස සදහන් කළේය.

චැනල් අයි නාලිකාවට යුද්ධ කාලයේ පටන් රාජපක්ෂලා සමග තරහක් තිබූ බවත් චැනල් අයි නාලිකාව කොටි සංවිධානයේ ඝාතන පවා රාජපක්ෂලාගේ ගිණුමට බැර කළ බවත් ඔහු එහිදී සඳහන් කළේය.

කෙසෙවෙතත් කිහිප අවස්ථාවක්ම නම වැරදවීමෙන් පසුව සෙසු මන්ත්‍රීවරුන් එය පෙන්වා දුන් පසු සමාව ගෙන නැවත නිවැරදි  කිරීමට ද රාජ්‍ය ඇමතිවරයා  කටයුතු කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *