චාල්ස් කුමරු කිරුළු පැලදූ මංගල්‍ය

  • By editor
  • May 6, 2023
  • 0
  • 77 Views

චාල්ස් කුමරු තුන්වන චාල්ස් රජු ලෙසට මීට සුළු මොහොතකට පෙර කිරුළු පළඳිනු ලැබීය. ඒ වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී පැවැත්වෙන විශේෂ දේව මෙහෙය අතරතුරදීය.

චාල්ස් රජු සහ කැමිලා රැජිනගේ රාජාභිෂේක දේව මෙහෙය වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී යි පැවැත්වෙන අතර
රාජකීය පවුලේ සාමාජිකයන් මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයින් සහ රාජ්‍ය නායකයින් ඇතුළු 2,200ක් පමණ ඊට එක්ව සිටී.

බකිංහැම් මාලිගයේ සිට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය දක්වා අති උත්කර්ෂවත් පෙරහැරක් මගින් චාල්ස් රජු රාජාභිෂේක මංගල්‍යය වෙනුවෙන් ගමන් කරන විට දහස් ගණනක් ජනයා මග දෙපස රැස්ව සිටියහ.

වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය තුළ ගිතිකාවලින් සහ රාජකීය සංකේතවලින් සපිරුණු උත්සවයකදී යි චාල්ස් කුමරු තුන්වන චාල්ස් රජු ලෙස කිරුළු පළඳිනු ලැබූ අතර ශාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න හිස මත තැබීමට පෙර, චාල්ස් රජු බයිබලය මත අත් තබා දිවුරුම් දෙනු ලැබුවේය.

අනතුරුව කැමිලා, ආර්යාව ද රජ බිසවක් ලෙස මේරි රැජිනගේ කිරුළෙන් ඔටුනු පළඳවනු ලැබුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *