චැනල් 4 බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාව මගින් ඉදිරිපත් කළ වැඩසටහන සම්බන්ධයෙන් ස්වාධීන ජාතයන්තර විමර්ශන කණ්ඩායමක් මගින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කළහ.
පාර්ලිමේන්තුව මගින් කමිටුවක් පත් කර ඒ පිළිබඳ පරීක්ෂණය කළයුතු බවට අමාත්‍ය මනූෂ නානායක්කාර සදහන් කළ ද ඒ පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බව ද කාදිනල්තුමා පැවසීය.
එසේම මෙම පරීක්ෂණ කටයුතු ජාතයන්තර විමර්ශන කණ්ඩායම මගින් සිදුකෙරෙන අතරතුර දී මෙරට දී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ සියලු නිලධාරීන් ඒ සදහා දායක කරගත යුතු බව ද වැඩිදුරටත් සදහන් කළේය.
එමෙන්ම එම විමර්ශනය ස්වාධීනව සිදුකිරීමට අවශ්‍ය අවකාශය සැලසීම සදහා විමර්ශනයට ලක්වන නිලධාරීන්ගේ සේවය විමර්ශන කටයුතු අවසන් වනතෙක් අත්හිටුවිය යුතු බව ද පෙන්වා දී තිබේ.
එහි සම්පූර්ණ නිවේදනය පහතින්