චිචිගේ රොකට් එක ගැන නාමල් කට අරී

  • By editor
  • August 29, 2023
  • 0
  • 103 Views

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කතාබහට ලක්වූ රෝහිත රාජපක්ෂ සහය දක්වමින් යවනු ලැබූ ‍චන්ද්‍රිකාව සදහා ගිය පිරිවැය දරා ඇත්තේ පෞද්ගලික ආයතනයකින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කර තිබේ.

එම නිසා පුද්ගලික ව්‍යාපාර කරන ආයෝජන ගැන ප්‍රශ්න කිරීමට නොහැකි බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඒ ගැන තවදුරටත් විස්තර දැන ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර කෝප් කමිටුවේදී හෙළිකරන ලෙස ද නාමල් රාජපක්ෂ දැනුම් දී ඇත.

ඉන්දියාව විසින් සඳට යවන ලද චන්ද්‍රයාන් යානය සඳහා වියදම ඩොලර් මිලියන 75ක් වූ නමුත් ශ්‍රී ලංකාවෙන් ගුවන් ගත කරන ලද චන්ද්‍රිකාවට ඩොලර් මිලියන 320 ක් වියදම් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී සදහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *