චීනයේ පාසලක වහලයක් කඩා වැටී 11 දෙනෙකු මිය යයි

  • By editor
  • July 24, 2023
  • 0
  • 79 Views

ඊසාන දිග චීනයේ චීනයේ කාර්මික පළාතක් වන හයිලෝන්ජියෑන්හි පිහිටි පාසැල් ක්‍රීඩා ගාරයක වහලය කඩා වැටීමෙන් 11 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ පාසලේ වොලිබෝල් කණ්ඩායම ක්‍රීඩාගාරය තුළ පුහුණුවිම්වල නිරතව සිටියදී එම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 19 දෙනෙකු එම ක්‍රීඩාගාරය තුළ රැඳී සිට ඇති අතර මේ අතරින් පුද්ගලයින් 08 දෙනෙකු දිවි බේරාගෙන ඇති බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *