චීනය දැඩි තීරණ ගනී – ඇමරිකානු නියෝජිතයෙකුට සම්බාධක පනවයි

  • By editor
  • April 8, 2023
  • 0
  • 85 Views

තායිවාන ජනාධිපතිනි ත්සායි ඉන්ග් වෙන් ඇමෙරිකාවේ සංචාරය අතරතුර එරට කථානායකවරයා සමග සාකච්ඡා පැවැත්වීම හේතුවෙන් තායිවානයේ ඇමරිකානු නියෝජිතයාට එරෙහිව චීනය විසින් සම්බාධක පනවා තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තායිවානය ඇමෙරිකාව සමඟ සම්බන්ධ වීමට එරෙහිව චීනය විසින් දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවට මීට පෙර අනතුරු අගවා තිබුණි.

මීට අමතරව තවත් ආසියාව පදනම් කරගත් සංවිධාන දෙකකට සහ එක්සත් ජනපදය පදනම් කරගත් සංවිධාන දෙකකට ද චීනය විසින් සම්බාධක පනවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *