රුපියල ශක්තිමත්වීම හේතුවෙන් ජංගම දුරකථන මිල අඩුවෙන බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ විකුණුම් කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා සදහන් කරයි.
එමෙන්ම ජංගම දුරකථන සහ උපාංගවල මිල 20%කින් පමණ අඩුවෙනබවත් පවතින තොග අවසන් වීමත් සමඟ ජනතාවට එම සහනය ලබාදීමට හැකිබවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
දිවයින පුරා සිටින සාමාජිකයින්ගේ ඒකමතික තීරණයකට අනුව මෙම තීරණය ගෙන තිබේ. ඩොලරයේ මිල වැඩිවීම සමඟ ඉහළ ගිය මිල, ඩොලරය අඩුවීමත් සමඟ මෙම සහනය ලබාදීමට තීරණය කර තිබේ.
එමෙන්ම වැඩි වටිනාකමින් යුතු ජංගම දුරකථන 30% පමණ අඩුවීම ද සිදුවිය හැකි බවත් සදහන් කළ අතර ඒ සදහා විදුලි සංදේශ නියාමන කොමිසම මැදිහත්විය යුතු බව ද සදහන් කළේය.
ලංකාවට අනෙකුත් රටවලට වඩා ජංගම දුරකථන අළුත් තාක්ෂණයෙන් ගෙන්වීම ප්‍රමාදවීමට විදුලි සංදේශ නියාමන කොමිසමේ සමහර ප්‍රතිපත්ති බලපාන ආකාරය ද සභාපතිවරයා පෙන්වා දුනි.