මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා එම ධුරයේ කටයුතු කරද්දී භාවිතා කරන ලද මෝටර් රථය සඳහා රජයේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් මාසිකව රුපියල් 375,000 ක කුලි පදනම මත ලබාගෙන ඇති බව වාර්තා වේ.
එම වාහනය බෙන්ස් වර්ගයේ එකක් බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී හෙළි වී ඇත.
එසේම එම මෝටර් රථය වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක් පසුගිය වසරේ මැයි මාසය අවසාන දක්වා නීතිවිරෝධීව ගෙවා ඇති බවත් විගණකාධිපතිවරයා විසින් කමිටුවට දී ඇත.
මේ සම්බන්ධයෙන් මූල්‍ය රෙගුලාසි යටතේ ගනු ලබන ක්‍රියාමාර්ග සති දෙකක් තුළ වාර්තා කරන ලෙස කමිටුව විසින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වරයාට දන්වා තිබේ.
එමෙන්ම අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගන්නා ගැනීමට ද කටයුතු කර ඇත.
ජනක රත්නායකගේ රථ ගාය ගැන CID පරීක්ෂණ
-
By editor
- September 11, 2023
- 0
- 86 Views
You Might Also Like
-
December 3, 2023
C.D වික්‍රමරත්නට ලොකු තනතුරක්
-
December 2, 2023
නත්තලට එකතු වෙන අලුත් බදු
-
December 1, 2023
ජෙරම් ප්‍රනාන්දු රිමාන්ඩ්