ජනපතිගේ පරණ හිතවතා මලික් සමටවික්‍රම යළිත් කරළියට.

  • By editor
  • December 19, 2023
  • 0
  • 157 Views

විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහට භාරදීම මහනුවර ජනාධිපති මන්දිරයේ දී පසුගිය ඉරිදා (17) සිදු කෙරුණි. මැති ඇමතිවරුන් ගණනවක් සහභාගී වූ එම අවස්ථාවට හිටපු අමාත්‍යවරයෙක් වූ මලික් සමරවික්‍රමද සහභාගී විය. දිගුකලක් දෙශපාලන පිටියේ දක්නට නොසිටි ඔහු මෙම අවස්ථාවට සහභාගී වීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. 

කලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙක් ලෙස කටයුතු කළ ඔහු මෙම උත්සවයේදී ජනාධිපති ලේකම්වරයාට පෙර පනවා තිබූ අසුනේ අසුන්ගෙන සිටීමද විශේෂත්වයක් විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පැමිණ සිටියේ රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම, රවුෆ් හකීම්, ඒ.එච්.එම්. හලීම්, එම්. වේලුකුමාර් යන අය පමණි.  මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමැතිවරුන් වන කෙහෙලිය රඹුක්වැල්ල, මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, මෙම අවස්ථාවට එක්ව සිටියේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *