ජනපති ඇතුළු මැතිඇමතිවරුන් රැසක් සනත් නිශාන්තට අවසන් ගෞරව දක්වති.

  • By editor
  • January 25, 2024
  • 0
  • 41 Views

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මැති ඇමතිවරු විශාල පිරිසක් සහභාගී වී තිබේ.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල ජයරත්න මල්ශාලාවට ජනපති, මැතිඇමතිවරුන් සහ ජනතාව ද පැමිණ අවසන් ගෞරව දැක්වීය.

එසේම හෙට දින ඒ මහතාගේ පුත්තලම නිවසට දේහය රැගෙන යනුලබන අතර 27 වන ඉරු දින අවසන් කටයුතු සිදුකෙරෙනු ඇත.

අද (25) අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *