ජනාධිපති ධූරයේ කාර්‍ය බහුලත්වය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇත.
ඉදිරි පක්ෂ සම්මේලනයේ දී මෙම යෝජනාව සම්මත කරගැනීමට කටයුතු කරන බවත් එහිදී සමාන බලතල ඇති නායකත්ව මණ්ඩලයක් පිහිටුවා සැබෑ නායකයන්ට ඉදිරියට පැමිණීමට හැකිවන ලෙස කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.