ජනපති බටහිර ගැති කියූ අයට කනේ පහරක්

  • By editor
  • October 4, 2023
  • 0
  • 290 Views

බටහිර ගැතිවාදී බව කියූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිවාදී නායකයෙකු බව ජර්මනියේ මාධ්‍යවේදීයා සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවේදී ඔප්පු කර ඇතැයි රුහුණු විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨයේ ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රභාත් වීරසිංහ මහතා පැවසුවේ ය.

ජර්මනියේ මාධ්‍යවේදයා සමග කළ ‘ටික් ටොක්’ සම්මුඛ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතයන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවයි.

මෙම සම්මුඛ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා චැනල් 4 නාළිකාව ද විවේචනයට ලක් කරමින් රට ජාතිය වෙනුවෙන් අදහස් පළ කළේය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ ජේෂ්ඨ කතිකාචාර්යවරයා මෙසේද කියා සිටියේය.

මෙච්චර කාලයක් අපි ලංකාවේ මේ ව්‍යසනකාරී තත්ත්ව දිහා බැලුවම ඒවායින් වාසි ගන්න අධිරාජ්‍යවාදී විවිධ කුමන්ත්‍රණ වලට උත්තර දෙන විදිය බැලුවම මෑත ඉතිහාසයේ හොඳම අවස්ථාවක් තමයි අපේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෑතක පැවති මාධ්‍ය සාකච්ඡාව.

මමත් මේ ටික් ටොක් කියල මාධ්‍යයට ඔන්ලයින්වලට ගොඩක් ආස නිසා නිරීක්ෂණය කරගෙන ගියා මෑත කාලයේ කොහොමද අපේ රටක් සංවර්ධනය කරන්න මේවායින් ජනතාවගේ මති මතාන්තර හදන්න ජාතික ආලය නිර්මාණය කරන්න කොච්චර වැදගත්ද කියලා. ඇත්තටම මේ විවාදය දිහා බලන් හිටියම ඇත්තටම ඒ ජර්මානු මාධ්‍යවේදියා හිතා මතා ලංකාවේ ජනාධිපතිට ලංකාවේ විමර්ශන කටයුතුවල තිබෙන හරිහැටි පැත්තකට නැඹුරු වෙලා ගන්න තීරණ ඒවා කියමින් අරාජික රාජ්‍ය බවට කතාකරන්න එන විදිය.

ඒ මතවාදයට කතා කරනකොට ජනාධිපතිතුමා දැඩිව කියනවා අපි ශ්‍රී ලංකා ජනරජය හැටියට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කමිටු තියෙනවා. ඒවාට ජාත්‍යන්තර මැදිහත්වීම පරන බටහිර කුමන්ත්‍රණවාදී මත ඒවා ගතානුගතික සම්ප්‍රදාය බැහැර කරනවා. මම මේ ශ්‍රී ලංකා ජනතාවගේ නියෝජනය කරමින් එයා කතාකරලා කියන්නේ හැමතිස්සෙම ලංකාවට මේ පොඩි කඩදාසි කෑල්ලක් අරන් පෞද්ගලික මතිමතාන්තරවලට කතාකරන එක ප්‍රතික්ෂේපකරලා.

සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රාජ්‍යයක් විදියට මේකට මුහුණදීලා කතාකරපු මෑත ඉතිහාසයේ දැකපු හොඳම කතාව. ජාතික ප්‍රතිපත්තියට අනුව එතුමා කතාකරනවා කියලා හැඟෙනවා. දේශපාලනය මතාමතාන්තර අපි කොයි විදියට හිතුවත් ජනාධිපතිතුමාගේ කතාව මම හිතන්නේ මෑත ඉතිහාසයේ දැකපු ඉතාමත් ඉහළ දේශයට ආදරය කරන අපි වගේ රිසර්චස්ලට අපිට තිබ්බ සම්ප්‍රදායික අවුරුදු 5000කට එහා ඈත ඉඳන් බැලුවොත් වේද තාක්ෂණයට ගෘහ නිර්මාණ ශිල්පයට විවිධ දේශීය තාක්ෂණය විශ්වාසකරන පුද්ගලයෙක් විදියට ඉංජිනේරු විෂයක් හැටියට මම ඒක විශ්වාසකරන කෙනෙක් හැටියට මම ඉතාමක් අගය කොට සලකන්න කැමතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *