ජනපති – බැසිල් හදිසි හමුවක් – මතෘකාව නිමල් ලංසා ගැන

  • By editor
  • July 30, 2023
  • 0
  • 119 Views

මේ වනවිට නිමල් ලංසා ඇතුළු පිරිසක් පිහිටුවා ඇති නව සන්ධානයට සහය නොදක්වන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාර්තෘ බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊට හේතුව වන්නේ තම පක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන්ගෙන් එල්ලවන දැඩි පීඩනය බවට ද බැසිල් රාජපක්ෂ විසින් දන්වා තිබේ.

කෙසෙවෙතත් තම පොහොට්ටු පක්ෂය රනිල් වික්‍රමසිංහ විසින් ගෙන යන වැඩපිළිවෙළට ඉදිරියටත් සහය දක්වන බවත් හෙතෙම සදහන් කර තිබේ.

අද ජනාධිපති සමග කොලඹ බාන්ස් ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික තිරු නඩේෂන් මහතාගේ නිවසේ පැවති විශේෂ සාකච්ඡාවක දී ය.

තවද මේ පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට උදෑසන තමන් හමුවන ලෙසට නිමල් ලංසාට ජනාධිපති විසින් දන්වා තිබේ.

මීට දින කිහිපයකට පෙර නිමල් ල‍ංසා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් රාජගිරිය ප්‍රදේශයේ දී නව සන්ධාන කාර්යාලයක් විවෘත කර තිබුණි. එහිදි ඔවුන් සදහන් කර තිබුණේ තම සහය ජනපති රනිල් වික්‍රමසිංහට දක්වන බව ද වැඩිදුරටත් සදහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *