ජනපති රනිල්ගේ වේදිකාවට නැග්ග නිවේදකයා රූපවාහිනී සංස්ථාවෙන් දොට්ට

  • By editor
  • March 15, 2024
  • 0
  • 290 Views

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණි රැස්වීමක නිවේදකයෙකු ලෙස කටයුතු කළැයි කියමින් නිවේදකයෙකු වන බුද්ධික ඒකනායක නම් මාධ්‍යවේදීයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු සේවය කල රූපවාහිනි නාලිකාවෙන් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු සමඟ තිබූ සේවා ගිවිසුම අවලංගු කරනා බව කියමින් මෙලෙස සේවයෙන් ඉවත් කර තිබේ.

ඉකුත් අගහරුවාදා රාජගිරිය තැප්‍රොබේන් උත්සව ශාලාවේ පැවැති යුනයිටඩ් යූත් තරුණ එකමුතුව සංවිධානය කළ තරුණ හමුවේ නිවේදන කටයුතු කරනු ලැබූවේ ඔහු විසිනි.

එම තරුණ හමුව මෙහෙය වීමේ කටයුතු ඔහු මුදල් ලබාගෙන කර තිබූ නමුත් අදාල නාලිකාව ඔහු සිය සේවා ගිවිසුම කඩකළ බව කියමින් මෙලෙස සේවයෙන් ඉවත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *