ජනපති රනිල් ජේ ෂා ට කණගාටුවට පළකරයි 

  • By editor
  • November 23, 2023
  • 0
  • 68 Views

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය කරන බවට වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඉන්දීය නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපති සදහන් කළේ

“ඔවුන් හිතන්නේ ෂා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට උදව් කරන බවයි. මම ෂා ට කතා කළා, කනගාටුව ප්‍රකාශ කළා ඔහුගේ නම මේ ප්‍රශ්නයට ඈඳීම ගැන.

මගේ ස්ථාවරය තමයි නීත්‍යානුකූල පාර්ශ්වයට මම සහාය දෙනවා. ඒ මේ කණ්ඩායම නම් ඔවුන්ට මගේ සහාය ලැබෙනවා. එසේම නීත්‍යානුකූල කණ්ඩායම අනෙක් අය නම්, මම ඔවුන්ට සහාය දෙනවා. නීත්‍යානුකූල වන්නේ තුන්වැනි කණ්ඩායමක් නම් මම සහාය වන්නේ ඔවුන්ට. එය මම නොවෙයි තීරණය කරන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *