ජනපති රනිල් නිල සංචාරයක

  • By editor
  • May 22, 2023
  • 0
  • 45 Views

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා හෙට (23) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනු ලැබුවේ ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බවය.

එමෙන්ම ජනාධිපතිවරයා එළඹෙන 25 සිට 27 දක්වා ජපානයේ රැඳී සිටීමට නියමිතය.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමත්‍ය Fumio Kishida සමඟ ද්විපාර්ශවික සාකච්ඡා සිදුකිරීමට නියමිතව ඇත.

එමෙන්ම ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුරදී ණික්කෙඉ Nikkei Asia Forum වෙතද එක්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *