ජනපති රනිල් පත්කළ ජනාධිපති නීතිඥයින් දසදෙනා මෙන්න

  • By editor
  • December 23, 2023
  • 0
  • 132 Views

ජනාධිපති නීතීඥවරුන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිඥවරුන් දස දෙනෙකු පත් කර ඇත.

ඒ අනුව ඔවුන් නුදුරු දිනකදීම ශ්‍රේෂ්ඨාධිකරණයේ උත්සවාකාර රැස්වීමකින් අනතුරුව දිවුරුම් දෙනු ඇති බවට වාර්තා වේ. 

ඉන් අනතුරුව, පත්වීම් ලැබූවන් ජනාධිපති නීතිඥවරයා ලෙස සලකනු ලබන අතර, ඔවුන් අභ්‍යන්තර නීතිඥ මණ්ඩලය වෙත කැඳවනු ලැබේ. 

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන චමන්ත වීරකෝන්, වෛද්‍ය අසංග ගුණවංශ, මොහොමඩ් ඇඩමලි, හර්ෂ ප්‍රනාන්දු, සිවාජි ෆීලික්ස්, ෆයිසා මාකර්, කෞෂල්‍ය නවරත්න, උපුල් කුමාරප්පෙරුම, විරාන් කොරයා සහ එරාජ් ද සිල්වා යන මහත්වරුන් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *