ජනපති හමුවේදී ඇමතිවරු ගැටෙයි

  • By editor
  • June 29, 2023
  • 0
  • 200 Views

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ණය ප්‍රතිව්‍යුහගත කරණය හා අස්වැසුම සහනාධාර ක්‍රමය සම්බන්ධයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර අතර උණුසුම් සංවාදයක් ඇතිව තිබේ.

ජගත් කුමාර මන්ත‍්‍රීවරයා අස්වැසුම සහනාධාර ක්‍රමය් අඩුපාඩු පෙන්වා දෙද්දී ෂෙහාන් සේමසිංහ විසින් ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වා තිබේ. එහිදී මෙම උණුසුම් සංවාදය සිදුව තිබේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් එම අඩු පාඩු නිවැරදි කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *