ජනරාල් දයා රත්නායකත් සජබයට

  • By editor
  • January 29, 2024
  • 0
  • 91 Views

හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්ව ඇති බව වාර්තා වේ.

අනතුරුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කර තිබේ.

ඒ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *