ජනාධිපතිගේ “උරුමයට” ගයන්ත කරුණාතිලකත් අතගහයි

  • By editor
  • February 5, 2024
  • 0
  • 92 Views

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය”  වැඩසටහනේ පළමු අදියරට අදාළව නිදහස් ඔප්පු 10000ක් ගොවි ජනතාව වෙත ප්‍රදානය කිරීමේ උත්සවය අද (05) පස්වරුවේ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්විණි.

එහිදී සංකේතාත්මකව ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු බෙදාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට යහපාලන ආණ්ඩුවේ ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් සමගිජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වන ගයන්ත කරුණාතිලක මහතා ද මෙම අවස්ථාවට එක්වීම විශේෂත්වයකි.

උරුමය වැඩසටහන යටතේ ඉඩම්වල පූර්ණ අයිතිය ඉල්ලුම් කරන අයදුම්කරුවන් සඳහා ප්‍රධාන අදියර 03ක් යටතේ නිදහස් දීමනාපත්‍ර ලබාදීමට නියමිතය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රජාව වෙතින් ඉදිරිපත් වන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින් මෙහෙයවීමේ යාන්ත්‍රණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ උරුමය මෙහෙයුම් ලේකම් කාර්යාලයක් ද ස්ථාපිත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *