ජනාධිපතිවරණයට දින නියම වෙයි.

  • By editor
  • September 22, 2023
  • 0
  • 308 Views

ජනාධිපතිවරණය මාර්තු මස 22 වැනිදා පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානම් වෙයි. එහි ප්‍රතිඵල මාර්තු මස 24 වැනිදා වන විට නිකුත් කිරීමෙන් පසු එදිනම යළි ජනාධිපතිධූරයේ දිවුරුම්දීම ඔහුගේ අපේක්ෂාව වී ඇත.

මාර්තු 24 වැනිදාට යෙදෙන ඔහුගේ උපන්දිනය වෙනුවෙන් දිවුරුමදීම සිදුවන අතර මෙවර මැතිවරණයේදී ජනාධිපතිවරයා ලක්ෂ 82ක වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා බවටද ජ්‍යොතිශ්‍යවේදීන් දැනුම්දී ඇත. ජ්‍යොතිශ්‍යවේදීන් ජනාධිපතිවරයාට මේ බව දැනුම්දීමත් සමග ලබන නොවැම්බර් මාසයේ සිට ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමටද ඔහු තීරණය කර තිබේ.

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලින් සැලකිය යුතු කොටසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ජනාධිපතිවරයාට සහාය ලබාදෙන මහින්දානන්ද අලුත්ගමේ, ප්‍රසන්න රණතුංග සහ නිමල් ලංසාට පැවරීමට ජනාධිපතිවරයාට තීරණය කර ඇත. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රචාරක ව්‍යාපෘතියට අමතරව තවත් ප්‍රචාරක ව්‍යාපෘතියක් පොදුජන පෙරමුණේ සිට ජනාධිපතිවරයාට සහාය ලබාදෙන මැති ඇමැතිවරුන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මේ අතර ජනාධිපතිවරණය කැඳවීමෙන් පසුව දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක්ද සහාය ලබාදීමට ඉදිරිපත්වනු ඇති බවටද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *