ජනාධිපති නීතීඥ තනතුරු දහයට තුන් සියයක් පොරකයි.

  • By editor
  • October 12, 2023
  • 0
  • 110 Views

ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කිරීමට, ජනාධිපති ලේකම් කාර්යාලයට අයදුම්පත් යොමු කර ඇති නීතීඥවරුන්ගේ සංඛ්‍යාව තුන්සියය ඉක්මවා ඇති බව වාර්තා වෙයි. ඔවුන්ගෙන් තිස් හතර දෙනෙකුට පමණක් අවශ්‍ය සුදුසුකම් පවතින බව අනාවරණය වේ.

එම තිස් හතර දෙනාගෙන් දස දෙනෙකු පමණක් ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කිරීමට නියමිතය

එම දස දෙනා අතරට ඇතුළත්වීම සදහා නීතීඥයින් දේශපාලන සහයෝගය ලබාගැනීමේ අරමුණින් ඔවුන් දේශපාලඥයින් පිටුපස ගමන් කරමින් සිටින බවද වාර්තා වෙයි.

ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේ ගැසට් නිවේදනයේ දක්වා ඇති නිර්ණායක පරීක්ෂා කිරීම සදහා හිටපු අගවිනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට පැවරී තිබේ. ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේ ගැසටි නිවේදනයකට අනුව වසරකට පත් කළ හැකි ජනාධිපති නීතිඥවරුන්ගේ සංඛ්‍යාව දහයකි.

ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේ නිර්ණායක ඇතුළත් ගැසට් පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේදී නිකුත් කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *