ජනාධිපති මාධ්‍ය අංශයේ රට පනින සාස්තරේ සජිත් හෙළි කරයි

  • By editor
  • November 17, 2023
  • 0
  • 156 Views

ජනාධිපතිවරයා සමඟ විදේශගත වී ආපසු මෙරටට පැමිණීමෙන් පසු එම වීසා බලපත්‍රයම උපයෝගී කර ගනිමින් ජනාධිපති මාධ්‍ය අංශයේ වැඩ කල කිහිප දෙනෙක් රටින් පලාගොස් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය.

එමගින් සනාථ වන්නේ ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයේ පිරිස් වලට රට යන අත ගැන විශ්වාසයක් නැති බවත් ඔවුන්ට එසේ නම් රටේ අනෙක් මිනිසුන් ගැන කවර කතාදැයි සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සදහන් කළේය.

එසේ රටින් පලා ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් නම් ගම් සහිතව තොරතුරු ඇති නමුත් එය හෙළි කිරීම සදාචාර සම්පන්න නොවන නිසා ඒවා හෙළි නොකරන බවත් ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *