පසුගිය අරගල සමයේ ජනාධිපති මන්දිරයෙන් අතුරුදන් වී ඇති පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමකින් යුතු නිල ලාංඡන සොයාගැනීමට සහාය වන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
එම ලාංඡන ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන වන අතර ඒවා යම් පුද්ගලයෙකු සතුව පවතින්නේ නම් එය ජූලි 31 වනදා ට පෙර ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන ලෙසට ජනාධිපති ලේකම්වරයා දන්වා තිබේ.
අදාළ කාල සීමාවෙන් පසු එම නිල ලාංඡන යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සන්කතයේ තබාගතහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වැඩිදුරටත් දැනුම්දී ඇත.
ඒ අනුව ඒ පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 0772 354 354 යන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත කරන ලෙස ද ඉල්ලා සිටින ජනාධිපති ලේකම්වරයා ජාතික වැදගත්කමකින් යුතු මෙම නිල ලාංඡන සොයාගැනීමට ජනාතාව දක්වන සහාය ඉතා අගය කරන බව ද දැනුම්දෙයි.