ජනාධිපති සහ ක්‍රීඩා ඇමති අතර විරසකය හැදුවේ කැබිනට් ඇමති කෙනෙක් – ක්‍රීඩා ඇමතිට රාජයෝගයක්, දේශපාලන පක්ෂයක් මිලට ගන්නට යයි

  • By editor
  • November 12, 2023
  • 0
  • 147 Views

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ක්‍රීඩා අමාත්‍ය රොෂන් රණසිංහ අතර විරසකභාවයක් ඇති කිරීම සදහා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කටයුතු කර ඇති බව ජනාධිපති කාර්යාලයට වාර්තාවී ඇත. මෙම මන්ත්‍රීවරයා මේ වන විටත් විදේශ ගතව සිටින අතර අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ රැදී සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අර්බුදය නිර්මාණය කිරීම සදහා විදේශීය රටක බලපෑමක්ද එල්ලවී ඇත්දැයි ජනාධිපති කාර්යාලය මේ වන විට විමර්ශණයක් ආරම්භ කර ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරවාහරිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත් කරන ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සූදු ව්‍යාපාරිකයෙක් බව පෙන්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක් එල්ල කළේ විගණකාධිපතිගේ වාර්තාවක්ද පෙන්වමිනි.

ක්‍රීඩා අමාත්‍යවරයා ජනාධිපතිවරයාට නොදන්වා මෙම ගැසට් නිවේදනය නිකුත් කරමින් ක්‍රිකට් පාලක මණ්ඩලය සදහා අතුරු පාලක මණ්ඩලයක් පත් කරන ලදී. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට රාජ යෝගයක් ඇති බව ඉන්දියාවෙන් සහ හෝමාගම භික්ෂූවහන්සේ නමක් විසින් පවත්වානෙ යන අසපුවකින් ප්‍රකාශ කිරීමත් සමග ඔහු සිය බලාපොරොත්තු ඉෂ්ඨ කරගැනීම සදහා ආණ්ඩුව තුළ සිටිමින් පෙරලි ආරම්භ කළේ උඩවලව ගොවීන්ට ජලය බෙදාදීමේ ගැටලුව මුල් කරගනිමිනි.

ඇමැතිවරයා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගාට අයත් දේශපාලන පක්ෂයක් මිලදී ගැනීමට සූදානම් වුවත්, ඔහු රිය අනතුරක සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතවීම නිසා එම අදහස නතර විය.

තවද ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිද්ධිය කේන්ද්‍ර කරගනිමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක්ද එල්ල විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් එම විරෝධය එල්ල කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *